June 5, 2024

විනය පිරිහී ඇති, වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයකට වඩා දැඩි ලෙස විවිධ විෂමාචාර සිදුකරන පොලිසියේ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

පසුගිය කාලය තුළ පොලිස් නිලධාරීන් නොමනා ක්‍රියා සිදුකිරීමේ සිද්ධීන් නිතර වාර්තා වූ අතර, අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණය විසින්ද අවස්ථා ගණනාවකදී නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් The Morning කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පෙනේවාදී ඇත්තේ, අනෙකුත් රාජ්‍ය ආයතනවලට සාපේක්ෂව දෙපාර්තමේන්තුව තුළ දැඩි විනය ක්‍රියාමාර්ග පවතින බවයි.

“දෙපාර්තමේන්තුව වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයකට වඩා නිලධාරීන්ගේ විනය ගැන සැලකිලිමත් වෙනවා. පොලිස් නිලධාරියකුගේ සුළු විනය කඩකිරීමක් සිදුවුණත් ඒ අයට විරුද්ධව අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ග ගන්නවා.” යැයි ඔහු පවසා ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව (NPC) සහ අනෙකුත් නිලධාරීන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව විසින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළ ඔහු, එම ක්‍රියාමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුවට කිසිදු බාධාවක් නොමැති බව අවධාරණය කර තිබේ.

“අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත් කල, විනය පටිපාටි කඩාකප්පල් කරන වෘත්තීය සමිති තියෙනවා. නමුත් විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුවට එවැනි බාධක නැහැ” ඔහු පැහැදිලි කර ඇත.

පක්ෂග්‍රාහී බව ප්‍රදර්ශනය කිරීම, මහජන පැමිණිලි නිසි පරිදි ක්‍රියා නොකිරීම, බලය අයුතු ලෙස භාවිත කිරීම වැනි විවිධ ආකාරයේ විෂමාචාර ක්‍රියාවන් සිදුකරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බහුලව වාර්තා වේ.

මීට අමතරව විවිධ කාරණා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබේ. මෙම නඩු බොහොමයක වරදකරුවන් වූ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

පසුගිය වසරේ (2023) පමණක් ප්‍රධාන මාර්ග ඔස්සේ පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජන පැමිණිලි 2,448ක් ලැබී ඇති බව තික පොලිස් කොමිෂන් සභාව අනාවරණය කළේය.

‘පොලිසිය අකර්මණ්‍ය වීම’ සම්බන්ධයෙන් 810ක්, ‘බලය අවභාවිතය’ සඳහා 563ක්, ‘පක්ෂග්‍රාහීත්වය’ සඳහා 450ක්, ‘අල්ලස සහ දූෂණය’ 112ක්, ‘බොරු චෝදනා ගොනුකිරීම’ 93ක්, ‘මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි’ 55ක් සහ ‘නීති විරෝධී රඳවා තබා ගැනීම’ සඳහා 34ක් එම පැමිණිලිවලට ඇතුළත් විය.

42.31%
17.27%
32.76%