Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ලෙස මෙරටට සංක්රමණය වූ බවට සැකකෙරෙන පුද්ගලයන් පස්දෙනෙක් සහ ඔවුන්ට පහසුකම් සැලසූ පුද්ගලයන් දෙදෙනෙක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
2024 ජුනි මස 02 වැනි දින රාත්රී කාලයේ තලෛයිමන්නාරම, ඌරුමලෙයි ප්රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකින් මෙරටට සංක්රමණය වූ බවට සැකකෙරෙන මෙම ශ්රී ලාංකික පුද්ගලයන් පස්දෙනා සහ ඔවුන් හට පහසුකම් සැලසූ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනා නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන අනවසර සංක්රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්රිත ප්රදේශය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ‘ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා’ මෙම මුර සංචාරයට එක්ව තිබිණි.
එහිදී සැකකටයුතු ලෙස එම ප්රදේශයේ රැඳී සිටි මෙම පිරිස නීරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කර තිබේ.
එම පුද්ගලයන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීමේදී එම පිරිස නීති විරෝධී ලෙස මෙරටට සංක්රමණය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව එම පිරිස වෙත පහසුකම් සැලසූ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනා ද සමඟින් ඔවුන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පිරිස අවුරුදු 27ත් 42ත් අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් වව්නියාව, තලෙයිමන්නාරම සහ මන්නාරම යන ප්රදේශයන්හී පදිංචි ශ්රී ලාංකියන් බවට හඳුනාගෙන ඇත.
එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart