June 4, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ප්‍රබල පන්දු යැවීමේ බල ඇණියක් සිටින බැවින් පළමුව වඩා හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන පසුව පීඩනයක් එල්ල කිරීම සැලසුම වූ බව ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සඳහන් කළේය.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයේ පරාජය වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේ පළමුව පහරදීමට ගත් තීරණයේ වරදක් තමන් නොදකින් බවයි.

එම මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්න කිහිපයක් සහ ඊට වනිඳු දුන් පිළිතුරු මෙසේයි;

T20 ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවේ අඩුම ලකුණු සංඛ්‍යාව කීයද? ලෝක කුසලානය මේ ආකාරයට ආරම්භ කිරීම කෙතරම් බලාපොරොත්තු සුන්වීමක් ද?

මෙය හොඳ ආරම්භයක් නොවෙයි. නමුත් තවම තරඟාවලියේ මුල අපි ඉන්නේ, එමනිසා අපි ඊළඟ තරඟයේදී අපගේ උපරිමය කිරීමට උත්සාහ කරනවා. අපට පළමු වටයේ තවත් තරඟ තුනක් ඉතිරියි. ඉදිරි තරග තුනේදී අපි අපේ උපරිමය කළ යුතුයි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමේ අදහස කුමක්ද?

අපට ශක්තිමත් පන්දු යැවීමේ බල ඇණියක් තිබෙනවා. අපට අවශ්‍ය වූයේ හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න සහ අපට අවශ්‍ය වූයේ එය ආරක්ෂා කිරීමට පමණයි. ඒ නිසා තමයි අපි ඒ තීරණය ගත්තේ.

පන්දු යවන්නන් කුඩා ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කර ගනිමින් ආපසු සටන් කළ ආකාරය, ඔවුන් ක්‍රියා කළ ආකාරය ගැන ඔබ සතුටු ද?

ඇත්ත වශයෙන්ම, ඔබ දන්නවා, විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්, ඔවුන් නව පන්දුවෙන් ඉතා හොඳින් පන්දු යැව්වා. අපි ලකුණු 120 – 125කට වැඩිය අරන් තිබ්බනම් මම හිතන්නේ මේ ගේම් එක වෙනස් වෙයි.

තණතීරුවේ චලනයන් සහ අසමාන පිම්මක් ඇති බව අපි දුටුවා. ඔබට අඩුම තරමින් චමීර වගේ පන්දු යවන්නකු හෝ යොදාගත හැකිව තිබූ බව ඔබ සිතනවාද?

අපි නුවන් තුෂාර සමග ගියේ ඔහු IPL තරඟ කිහිපයක් ක්‍රීඩා කර ඇති නිසාත් දුෂ්මන්ත IPL තරඟාවලියේ තරඟ නොකළ නිසාත්. දුෂ්මන්ත පසුගිය සතියේ සිට තරග ක්‍රීඩා කළේ නැහැ, ඒ නිසා අපි නුවන් තුෂාර සමඟ ගියා – ඔහුගේ අවසන් T20 අන්තර්ජාතික තරගයේදී ඔහුට කඩුලු පහක් ලැබුණා . ඉතින්, අපි ඔහු සමඟ ගියා. නමුත් ඔබ දන්නවා, අපි පන්දු යවන විට කඩුලු තුළ වෙනස දුටුවා.

මේ ගමනේදී ඔබට යම් යම් අභියෝග ඇති වුණා, පිටියෙන් ඈත්ව සිටීම නිසා ඔබට පුහුණු වීමට නොහැකි වුණා. දවසේ කාර්ය සාධනයට එහි බලපෑමක් තිබුණද ?

අපට එහෙම කියන්න බැහැ, නමුත් අපට දුෂ්කර කාලයක් තිබුණා, විශේෂයෙන් පසුගිය දින කිහිපය තුළ. අපි තවමත් උදේට පැය එකහමාරක් ගමන් කරනන වෙලා තියෙනවා. අපගේ පළමු වටයේ තරඟ හතරක් ස්ථාන හතරක තියෙන්නේ. එය දුෂ්කරයි. අපි කඩුලුවල ගැන දන්නෙත් නැහැ, මේ නිව්යෝර්ක්වල අපගේ පළමු තරඟය. අපට ඊළඟ තරඟය තුන්නේ ඩලස්වල. අපි ෆ්ලොරිඩාවේ පුහුණුවීම් තරග දෙකක් ක්‍රීඩා කරනවා, ඒක තමයි අපිට තියෙන එකම ප්ලස් පොයින්ට් එක.

තණතීරුව ක්‍රීඩා කළ ආකාරය, එහි වේගයේ ස්වභාවය ඔබව පුදුමයට පත් කළාද?

ඔව්, විශේෂයෙන්ම මේ තරඟාවලියේදී. විශේෂයෙන්ම T20වල මෙම කඩුලු ඉතා දුෂ්කරයි, ඔවුන්ගේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැව්වා, අපේ පන්දු යවන්නනුත් හොඳින් පන්දු යැව්වා, ඒ වුණත් අපි ගොඩක් වැරදි කළා.

ඔබේ ආකාරයේ ප්‍රහාරක පිතිකරුවකුට මේ වගේ තණතීරුවකදී ඔවුන්ගේ ස්වාභාවික ක්‍රීඩා විලාසය මැඩපැවැත්වීය යුතු යැයි ඔබ සිතනවාද?

අපේ හැම පිතිකරුවෙක්ම පහර දෙන්න උත්සාහ කරනවා. මම හිතන්නේ අපි හැම පන්දුවකටම පහර දෙන්න උත්සාහ කළා නම් මේක වැඩි ලකුණු ප්‍රමාණයක් වෙන්න තිබුණා. ඒ නිසා අපි අපේ කඩුලු වැටුණා. ඒක තමයි ප්‍රධානම දේ. අපි හොඳ ක්‍රිකට් පහරවල් ගැහුවා නම් මම හිතන්නේ ලකුණු වෙනස් වෙන්න තිබුණා.

මෙම තණතීරුව අපට නුහුරුයි, එසේ නම් ඔබ සියලු දෙනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ඇයි? ඊලග මැච් එකෙත් අපි කාසියේ වාසිය දිනුවොත් මොනවගේ සැලසුමක්ද තියෙන්නේ? ඒ වගේම ලකුණු ටිකක් අඩුවෙන් තියාගන්න ඉඩ තිබුණත් අපි ටිකක් පස්සෙන් මතීෂව ගත්තෙ ඇයි කියලත් දැනගන්න කැමතියි.

ඊළඟ තරගය ගැන මට තවම මුකුත් කියන්න බැහැ. සමහර විට අපි මේ පිටියේ ක්‍රීඩා කරලා නැති නිසා මුලින්ම විකට් එක බලන්න ඕන. අපේ ශක්තිය පන්දු යැවීම නිසා අපි හිතුවා කාසියේ වාසිය දිනලා බෝඩ් එකට ලකුණු ටිකක් දාලා ඔවුන්ව පීඩනයට පත් කරන්න. අපි අපේ පන්දු යැවීම දන්නා නිසා අපි දෙවැනියට පන්දුවට පන්දුයැවීමට තීරණය කළ නිසා පසුගිය විස්සයි20 තරග කිහිපය අපි ජයග්‍රහණය කළා. ඉතින් ඒක අපේ වර්තමාන ශක්තියෙන් කණ්ඩායමක් විදියට ගත්ත තීරණයක්. ඒත් අපි දැක්කා අපි දෙවැනියට පන්දු යැව්වත් එයාලට දුන්න පීඩනය කොහොමද කියලා. එයාලට ලකුණු 70ට එන්න අපි ඕවර 16ක් දිගටම පන්දු යැව්වා.ඉතින් මම දකිනවා අපි ගත්ත තීරණයේ වරදක් නැහැ, නමුත් අපි දුන්න ඉලක්කය හරි නැහැ. විකට් එක ඒ තරම් අමාරු වුණත් අපි කණ්ඩායමක් විදියට ලොකු ටාගට් එකක් අවසානය දක්වාම තියාගෙන හිටියා, මම හිතන්නේ අපි ඒක පසුව හඳුනාගත්තා. එහි සිදුවූයේ එයයි. ඉතින් මම හිතන්නේ ටාගට් එක වෙනස් කරලා 125ක් 130ක් විදියට තියාගන්න තිබුණා නම් වෙන ග්‍රවුන්ඩ් එකක 180+ දක්වා යන්න තිබුණා. අපි මේ පිටියේ ක්‍රීඩා කරන විට අපට වැටහුණා පන්දුව බිම හොඳින් චලනය නොවන බව. ඉතින්, මම හිතන්නේ අපි ක්‍රීඩාවේ සිටින අතරතුර කණ්ඩායමක් ලෙස අපගේ අදහස් බෙදා ගත යුතුයි.