June 3, 2024

හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තිබියදී පොඩි මැණිකේ දුම්රියේ පසුපස එන්ජිමේ අද ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මාධ්‍ය වාර්තාවලට අනුව එම දුම්රිය කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබී ඇත.

හපුතලේ දුම්රිය කාර්ය මණ්ඩලය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මූලික විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%