Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වී ඉරාන යාත්‍රා මගින් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සීමා කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ට වඩ වඩාත් අභියෝගාත්මක වී ඇති බව වාර්තා වේ.
හෙරොයින් සහ වැඩි වැඩියෙන් මෙතම්ෆෙටමින්, ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වන දකුණු මාර්ගය ලෙස හඳුන්වන මක්රාන් වෙරළේ සිට නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව දක්වා මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරනු ලබන අතර, නාවික හමුදාව විසින් කිලෝග්‍රෑම් සිය ගණනක් දක්වා දිවෙන විශාල මත්ද්‍රව්‍ය තොග දිගින් දිගටම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම උවදුර මැඩලීමේ සහයෝගීතා ප්රයත්නයන් සඳහා ලෝකයේ සෙසු රටවල් සමඟ සම්බන්ධ වීමේ පියවරක් ලෙස ඉහළ නාවික නිලධාරීන්ගේ දූත පිරිසක් පසුගියදා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ තිබිණි.
2023 එක්සත් ජාතීන්ගේ ලෝක මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවට අනුව, 2015 සහ 2021 අතර ලොව පුරා මෙතම්ෆෙටමින් හසුවීම් තුන් ගුණයකින් වැඩිවීම මත්ද්‍රව්‍ය පරිභෝජනයේ අනාගත වැඩිවීමක් පිළිබඳ පූර්ව සලකුණු සටහන් කර තිබේ.
ශ්‍රී ලංකාවට ආසන්න අන්තර්ජාතික මුහුදු සීමාවට ඉරාන යාත්‍රාවලින් ගෙන එන මත්ද්‍රව්‍ය දේශීය නම්වලින් ලියාපදිංචි ධීවර යාත්‍රා මගින් මෙරටට ගෙන්වන බව ඉස්ලාමාබාද්හි ප්‍රධාන පෙළේ ආරංචිමාර්ග පවසයි.
එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන සොයා බැලීමේ දේශීය ආයතනවලට අභියෝගයක් බවට පත්ව ඇත.
එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමීප තවත් මූලාශ්‍රයක් සඳහන් කර තිබුණේ සැකකරුවන් වරදකරුවන් කිරීමට හේතු විය හැකි නඩු කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා විමර්ශන බලධාරීන් සාක්ෂි එකතු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් පුහුණු කළ යුතු බවයි.
සමහර අවස්ථාවලදී, දුර්වල සාක්ෂි එකතු කිරීම නඩු කටයුතුවලදී සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට හේතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart