June 2, 2024

ශ්‍රී ලාංකික සරණාගතයන්ට නීතිවිරෝධී ලෙස ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ඉන්දීය නියෝජිතයකු ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා විදේශ ගමන් බලපත්‍ර සැපයූ තැනැත්තිය බවට සැකකෙරේ.

ඇය ප්‍රියා ධර්මලිංගම් වන අතර ඇය සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් වන්නේ වරුනියා තිරුවානාවුක්කරසු සහ සංජිකායි.

ප්‍රියා මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කර ඇති බවත් විදේශ ගමන් බලපත්‍ර නියෝජිතයන්ගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකුට ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පහසුකම් සලසා දී ඇති බවත් පොලිසිය පවසයි.

ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනවාරි මාසයේ පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

ඒ අනුව මේ වන විට පොලිසිය පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නියෝජිතයන් 16ක්, පොලිස් නිලධාරීන් 6ක්, විදේශ ගමන් බලපත්‍ර සේවා මධ්‍යස්ථානයේ සේවකයකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එම පිරිස අතර වේ.

42.31%
17.27%
32.76%