Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස් ගාස්තු සංශෝධනය කළ හැක්කේ ඩීසල් ලීටරයක මිල රු.307ක් දක්වා අඩු වුවහොත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස් සංගම් අද නිවේදනය කර තිබේ.
ජාතික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව ඩීසල් මිලෙහි 4%ක අඩුවීමක් සිදුවුවහොත් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසයි.
කෙසේවෙතත් පසුගියදා ඩීසල් මිල අඩු කළේ 2.8%කින් පමණි.
ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ඔටෝ ඩීසල් රු.16කින් පහළ දැමුණු අතර එහි වර්තමාන විකුණුම් මිල ලීටරයක් රු. 317කි.
මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ පසුගිය දා සිදුවූ ඩීසල් මිල සංශෝධනයෙන් පසු බස් ගාස්තු අඩුවීමක් ජනතාව අපේක්ෂා කරන බවයි.
අවාසනාවන්ත ලෙස මෑත කාලීන ඉන්ධන මිල සංශෝධනය සහ බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්ති කොන්දේසි හේතුවෙන් බස් ගාස්තු අඩු කිරීමක් දැනට කළ නොහැකි බව විජේරත්න ඔහු පෙන්වාදෙයි.
අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසන්නේ ඩීසල් මිල රු.16කින් පහළ ගියද , එය ඉන්ධන මිල සංශෝධන ප්‍රතිපත්තියට අනුව අවශ්‍ය 4%ක අඩුවීමට ළඟා වී නොමැති බවයි.
“බස් සංගමයක් විදියට අපිටත් අවශ්‍ය වෙනවා බස් ගාස්තුව අඩු කරලා ජනතාවට සහනයක් ලබාදෙන්න. කෙසේවෙතත් ඩීසල් මිල අඩු කිරීමට රජය ඉදිරි ක්‍රියාමාර්ග ගනීවි කියලා අපි විශ්වාස කරනවා. ඩීසල් ලීටරයක මිල රුපියල් 310 දක්වා අඩුවුණාම, අපි ඊළඟ දවසේ බස් ගාස්තුව අඩු කරනවා,” යනුවෙන් ප්‍රියන්ජිත් පැවසීය.
මීට අමතරව, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පවසන්නේ පෙට්‍රල් මිල රු.13කින් අඩු වුවද ගාස්ත් පහළ දැමිය නොහැකි බවයි.
“අපි වගකිවයුතු පුද්ගලයන්ගෙන් සහ බලධාරීන්ගෙන් නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියත් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. පළමු කිලෝමීටරයට අය කරන රුපියල් 100ක මුදලවත් නඩත්තු කරන්න බැහැ. ආණ්ඩුවේ නොහැකියාව නිසා කුලී රථ රියදුරන් තමන්ගේ හිතුමතේට අය කරනවා,” යනුවෙන් ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart