Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මැදිහත් වූ බවට එල්ල වූ දැඩි විවේචනයෙන් පසුව එම කොමිසමේ සභාපති R.M.A.L. රත්නායක එම පියවර සාධාරණීකරණය කර ඇත්තේ, ජූලි චන්ග් සමඟ පැවැති සාකච්ඡාව සාමාන්‍ය සාකච්ඡාවක් බව පවසමිනි.
ඩේලි මිරර් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ, චන්ග් විසින් මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ මැතිවරණය පවත්වන්නේ දැයි විමසූ බවයි.
“මෙම රැස්වීමේ කේන්ද්‍රස්ථානය වූයේ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඊට අමතරව මැතිවරණ සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. කෙසේවෙතත්, විනාඩි 30ක් පමණක් පැවති මෙම හමුවේදී බරපතල හෝ බලපෑම් සහගත කිසිවක් සාකච්ඡා වුනේ නෑ. එය ආචාරශීලී හමුවීමක් පමණයි.” සභාපතිවරයා අවධාරණය කළේය.
මීට සති දෙකකට පෙර මෙම හමුව සඳහා දින නියම වූ බවත් එය ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලැබුණු ඉල්ලීමක් මත බවත් ඔහු සඳහන් කළේය.
එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කරන බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ලවිය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක වැදගත්කම ශ්‍රී ලාංකීය පුරවැසියන් දන්නා නිසා එක්සත් ජනපදයේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව ඇතැම් පිරිස් කියා සිටියදී, විදේශ තානාපතිවරයකු මැතිවරණ කොමිසම හමුවීමට අවශ්‍ය වූයේ මන්දැයි බහුතරයක් ජනතාව සමාජ මාධ්‍යවල බරපතල කනස්සල්ල පළකර තිබිණි.
ඇතැම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බවයි.
විදේශීය ඇඟිලි ගැසීම් නිසා එහි ප්‍රතිරූපය අඩාල වන බවත් ඔවුන් පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart