May 30, 2024

සිරව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ රුසියාවට යන නිල නියෝජිත පිරිසට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහභාගි නොවන බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය පැවැසීය.

හිටපු තානාපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා පවසන්නේ, රජය මේ සම්බන්ධයෙන් වීරතුංග සමඟ සම්බන්ධ වී නොමැති බවයි.

“ජනමාධ්‍ය අවධානය අවශ්‍ය ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රකාශ නිවැරදි කිරීමට විදේශ අමාත්‍යාංශයට කාලය නාස්ති කළ නොහැකියි,” ඔහු සඳහන් කළේය.

දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයකු ලෙස රුසියාවේ කටයුතු කළ පුද්ගලයකු ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය සැළ කිලිමත් වන්නේ දැයි විමසූ විට විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා කියාසිටියේ එම ප්‍රකාශවල කිසිදු බරක් නොමැති බවයි.

“ඔහු දශකයක් තානාපතිවරයකු ලෙස කටයුතු කිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ඔහු ලංකාවේ ප්‍රශ්නයට අදාළව පමණක් නොව තවත් විවිධ කාරණාවලට අදාළව බොහෝ ප්‍රකාශ කරමින් සිටී,” බාලසූරිය පැවසීය.

රුසියාවට යන ශ්‍රී ලංකා දූත පිරිස සමඟ හිටපු තානාපතිවරයකු එක්වන බවට තමන් කළ ප්‍රකාශය ජනමාධ්‍ය මගින් වැරදි ලෙස වාර්තා කළ බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

“පුවත්පත් එවැනි දෙයක් වාර්තා කිරීම ඉතා කනගාටුදායකයි. “උදයංග රුසියාවට යනවා කියලා හැමෝම හිතන්න පටන් ගත්තා, ඒක එහෙම නැහැ,” ඔහු පැවැසීය.

හිටපු තානාපතිවරයා සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා ඉදිරියේදී වීරතුංග සමඟ ආණ්ඩුව කටයුතු නොකරන බවද අවධාරණය කළේය.

42.31%
17.27%
32.76%