May 30, 2024

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමේ තමාගේ යෝජනාව සම්බන්ධයෙන් ලබන සඳුදා පැහැදිලි කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

“ජනමත විචාරණයකින් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම ගැන අඟහරුවාදා මම කතා කළා. ඒ ගැන බොහෝ දෙනෙක් විවිධ අදහස් ඉදිරිපත් කළා. ජුනි 03 සඳුදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මම කියපු දේ ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නම්. ” යනුවෙන් ඔහු අද මාධ්‍ය වෙත පැවසීය.

“සියලු ප්‍රශ්නවලට මම එදින පිළිතුරු දෙන්නෙම්,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 

42.31%
17.27%
32.76%