May 28, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට 2022 ජූලි 09 වැනි දින ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කිරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි ගුරුවරයකු බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 25 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

42.31%
17.27%
32.76%