Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් මෙරට රැඳී සිටින්නේද යන්න සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බව ද පොලිස්පති තෙන්නකෝන් සඳහන් කර තිබේ.
කඩුවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ ඒ සඳහා අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, බුද්ධි අංශ නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය ඇතුළු නව කමිටුවක් පත් කර තිබෙන බවයි.
දෛනික ප්‍රගතිය පිළිබඳ සෑම දිනකම කමිටුව සමඟ තමන් සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන බවත් ඒ සම්බන්ධයෙන් සාර්ථක විමර්ශන සිදු කෙරෙන බවත් ඔහු සඳහන් කර තිබේ.
විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගියදා ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට වාර්තා පළවන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා අවධාරණය කළේ එය විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ නීති අංශයට උපදෙස් ලබාදී ඇති බවයි.
එය තහවුරු කිරීමට වාර්තා නොමැති නිසා ඒ පිළිබඳ සොයා බලන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart