May 26, 2024

රැකියා වෙළෙඳපොළ සහ පාරිභෝගික සේවා අවශ්‍යතා එකම වේදිකාවකින් සපුරා ගැනීමට හැකිවන Worky යෙදවුම (app) මේ වන විට ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

මෙම නව ජංගම යෙදවුම හරහා සේවා පහසුකම් සපයා ගන්න්නට සොයන්නන්, රැකියා අවස්ථා සොයන්නන්, කුලී පදනම මත සේවා සපයන්නන්, අර්ධ කාලීන සේවා සැපයුම්කරුවන් මෙන්ම සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් දැනුම සම්පාදනය කරන්නන් දක්වා සැමට අවස්ථාව තිබේ.

මෙම ‘Worky’ ජංගම යෙදවුමේ ලියාපදිංචි වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර ලැබෙන ප්‍රතිලාභයන් ඉතා විශාලය.

‘Worky’ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට රැකියා සොයා ගන්නට ඇති වර්තමාන ඉඩකඩ හා ප්‍රවණතා වෙනස් කරමින් අන්තර්ජාතික තලයේ විසඳුමක් සමගින් විප්ලවීය වෙනසක් කිරීමට අපේක්ෂා කර ඇත.

ජලනල කාර්මිකයන් සහ වඩු කාර්මිකයන් වැනි සාම්ප්‍රදායික භූමිකාවන්හි සිට සුරතල් සුනඛයන් ඇවිද්දවීම, සත්ත්ව අලංකරණ කටයුතු කිරීම , සුරතල් සතුන් රැකබලා ගැනීම වැනි නව යුගයේ රැකියා කාර්යයන් දක්වා ‘Worky’ ශ්‍රී ලාංකේය ගෘහයන්හි විවිධ අවශ්‍යතාවලට සෘජුවම ආමන්ත්‍රණය කරමින් විවිධ රැකියා අවස්ථා රැසක් සපයනු ලැබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබෑම හමුවේ තම ජීවිතය පවත්වා ගැනීමට වෙර දරන කාටත් ‘Worky’ බලාපොරොත්තුවේ ආලෝකයක් ලබා දෙනු ඇති බවට විශ්වාස කෙරේ.

අර්ධකාලීන රැකියා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමෙන්, මෙම තක්ෂණික වේදිකාව රැකියා අවස්ථා සොයා ගැනීමට පමණක් නොව රට පුරා ඵලදායිතාව සැළකි යුතු ලෙස ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කරයි.

රැකියා හා සේවා ලබා දීමේ හා ලබා ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරමින් රැකියා සොයන්නන්ට සහ සේවා අවශ්‍යතා ලබා දෙන්නන්ට කිසිදු මැදිහත්වීමේ පිරිවැයකින් තොරව සේවා යෝජකයන් සමඟ සෘජුවම ගාස්තු පියවා ගත හැකි වෙයි.

‘Worky’ ජංගම යෙදවුම හි ලියාපදිංචි වීම ඉතා පහසු, ආරක්ෂිත හා සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, මෙමගින් සමස්ත ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය තුළ නව මානයන් සොයන්නන්ට ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට සහ ශ්‍රම වෙළඳපොළේ දිනෙන් දින වැඩි වන ඉල්ලුම සපුරාලීමට අසමසම අවස්ථාවක් උදාකර දෙනු ඇත.

‘Worky’ යනු ශ්‍රී ලාංකේය රැකියා සහ සේවා වෙළඳපොළේ පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා නවමු තාක්ෂණය මූලික කොටගත් පුරෝගාමී තාක්ෂණික වේදිකාවකි.