Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජූලි මස පළමුවැනි දින සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල් ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මෙරට පුද්ගලයන්ගේ ඉඩම්වල දේපළවල අයිතිය හිමිකම පිළිබඳ තොරතුරු එම ඉඩම් දේපළ විකිණීම මීට අමතරව ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලබාදිය යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු භාණ්ඩ උපදේශන හා උපදේශන නොවන සේවාවන් සැපයීම ඕනෑම රජයේ ආයතනයක කොන්ත්‍රාත් ලබාදීම පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශීලනය කරන ලද තොරතුරු ආදිය නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලබාදිය යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ආයෝජන සම්බන්ධ තොරතුරු සහ කොටස් ගණුදෙනු පිළිබඳ තොරතුරු ද නීතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබාදිය යුතු බව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් නියම කර තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart