May 24, 2024

බංග්ලාදේශයට එරෙහි තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට අමෙරිකාව සමත්ව තිබේ.

ඒ ඊයේ පැවැති දෙවැනි තරගය අමෙරිකාව ලකුණු 06ක ජයක් වාර්තා කරමිනි.

ඒ අනුව, පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්හි පළමු කණ්ඩායම් 10 අතර සිටින රටකට එරෙහිව අමෙරිකාව ජයක් ලබාගත පළමු තරගාවලිය ලෙස බංග්ලාදේශයට එරෙහි මෙම තරගාවලි ජය ඉතිහාසගතවේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 144ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 03කදි සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.

බංග්ලාදේශයට එ⁣රෙහි පළමු පන්දුවාර 20 තරගය අමෙරිකාව කඩුලු 05කින් ජයගත්තේය.

දෙරට අතර තුන්වැනි තරගය හෙට පැවැත්වේ.