May 22, 2024

ත්‍රිත්ව ඝාතනයකට අදාළ සැකකරුවකු පසුගියදා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට විෂය භාර ඇමැතිවරයා සහ පොලිස්පතිවරයා විසින් ත්‍යාග ලබාදී ඇත.

පසුගිය මැයි 19 වන දින නාල්ල පොලිස් වසමේ මාලදෙනිය ප්‍රදේශයේදී පොලිසි නිලධාරීන් කණ්ඩායමක් රාත්‍රී රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව සිදුකළ විමර්ශනයේදී එම සැකකාර පුද්ගලයා විසින් ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර තිබේ.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වූ යහපත් ක්‍රියාව අගයනු පිණිස පොලිස්පති ප්‍රශංසා හා පොලිස් ත්‍යාග අරමුදලෙන් මුදල් ත්‍යාග ලබාදීම මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහභාගිත්වයෙන් ඊයේ(21) දින සිදුකර ඇත.

42.31%
17.27%
32.76%