
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
BRICS හවුලට මෙම වසරේ එක්වීමට බලාපොරොත්තු වන රටවල් 30 ක පමණ ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද එක්ව සිටියි.
BRICS හවුලේ 2024 වසර සඳහා සභාපතිත්වය භාර ගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය සමාරම්භක දේශනයේදී ප්‍රකාශ කළේ BRICS ගෝලීය කණ්ඩායම රටවල් පහකින් 10 දක්වා ව්‍යාප්ත වීමත් සමඟ තවත් රටවල් සමග එක්වීමට අපේක්ෂා කරන බවයි.
විදේශ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව මෙම වසරේ BRICS හවුල හා සම්බන්ධ වීමට අපේක්ෂා කරන බවයි.
ANI ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරය කියාසිටියේ BRICS ගෝලීය කණ්ඩායමට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව උනන්දුවෙන් පසුවන බවයි.
එහි සාමාජිකත්වය සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීමට සැලසුම් කරන බව ද ඔහු පවසා තිබේ.
“අපි BRICS හි සාමාජිකත්වය සඳහා බලා සිටිමු. ඒ වගේම මම හිතන්නේ ඒ ගැන සොයාබලා අපට නිර්දේශ කරන්න කැබිනට් මණ්ඩලය අනු කමිටුවක් පත්කරලා තිබුණා. අපි එය දැකීමට කැමැත්තෙමු, මන්ද අපට විකල්ප කිහිපයක් තිබිය යුතුය. කවුද කැමති නැත්තේ? BRICS යනු හොඳ සංවිධානයක. විශේෂයෙන් ඉන්දියාව එහි කොටසක් වන බැවින් ” ඇමැති අලි සබ්රි ANI වෙත පැවසීය.
ජොහැන්නස්බර්ග් හි පැවැති BRICS සමුළුවෙන් පසුව පාකිස්ථානය ද එවැනිම ලංසුවක් ඉදිරිපත් කළේය.
පකිස්ථානය 2023 අගභාගයේදී BRICS සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර ඇති අතර එහි සාමාජිකත්වය සඳහා රුසියාවේ සහ චීනයේ සහාය අපේක්ෂා කරයි.
BRICS හා සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින රටවල් 30 න් රටවල් 15 ක් සාමාජිකත්වය සඳහා විධිමත් ලෙස ඉල්ලුම් කර ඇත.
එම රටවල් වන්නේ අල්ජීරියාව, බහරේනය, බංග්ලාදේශය, බෙලරූසය, බොලීවියාව, කියුබාව, කසකස්ථානය, කුවේටය, පකිස්ථානය, පලස්තීනය, සෙනගලය, තායිලන්තය, වෙනිසියුලාව, වියට්නාමය සහ නයිජීරියාව යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart