May 19, 2024

කොල්ලකෑමකදී මීරිගම මාලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ පුත්‍රයා ඝාතනය කර තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මීරිගම, මාලදෙණිය ප්‍රදේශයේ නිවස තුළදී සිද්ධියට සම්බන්ධ සැකකරු විසින් එම නිවසේ සිටි 80 හැවිරිදි පුද්ගලයකු, ඔහුගේ 77 හැවිරිදි බිරිඳ සහ 42 හැවිරිදි පුත්‍රයා ඝාතනය කර ඇති බව ද පොලිසිය පවසයි.

අපරාධය සිදුකළ සැකකරු පාපැදියකින් යමින් සිටියදී පොලිසිය විසින් ඔහු නවතා ඇත.

එහිදී සැකකරු සන්තකයේ තිබී මුදල් සහ ස්වර්ණාභරණ සොයාගත් බව ද පොලිසිය පවසයි.

සැකකරු මෙම අපරාධය සිදුකර ඇති බවත් ඔහු වින්දිතයන් සමග ඥාති සම්බන්ධතාවක් ඇති පුද්ගලයකු බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

42.31%
17.27%
32.76%