May 18, 2024

ස්ථීර වශයෙන්ම පැමිණෙන්නේ, ජනාධිපතිවරණය නොව මහමැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පැවසීය.

අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ව්‍යවසායක ධම්මික පෙරේරා බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බව සඳහන් කළ වීරතුංග, ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් අයකු පමණක් බවද කීවේය.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ස්ථිර වශයෙන්ම ඉදිරිපත් නොවන බවද උදයංග වීරතුංග ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සංවාදයක නිරත වෙමිනි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%