May 18, 2024

තත්පර 10ට අඩු කාලයක දී කටේ දත්වලින් පොල් ලෙලිගසන තරුණයකු පදවිය බාලයාවැව ප්‍රදේශයේ සිටින පුවතක් ‘දිනමිණ’ වාර්තා කරයි.

එම පුවතට අනුව අඩියක් පමණ දිග අඟල් 21 කින් පමණ විෂ්කම්භයකින් යුතු වියළි කළාපයේ පොල් ගස්වල හැදෙන පොල් ගෙඩියක් තත්ත්පර 10ට අඩු කාලයකින් කටින් ලෙලි ගැසීමෙන් ගිනස් වාර්තා පොතට ඇතුත් කළ හැකි වික්‍රමයක් සිදුකරන මෙම තරුණයා නමින් කරුණාපේලි ගෙදර අමිල රුවන් කුමාර රාජපක්ෂය.

පදවිය බාලයාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මේ වන විට 34 වියැතිය.

දෙදරු පියකුද වන අමිල මේ වන විට සේවය කරනු ලබන්නේ මුලතිව් විශ්ව මඩු ජාතික ආරක්ෂක බලමුළුවේ යුධ හමුදා සෙබළකු ලෙසය.

තම හැකියාව පිළිබඳ අදහස් දැක් වූ අමිල මෙසේ පවසා ඇත.

“මේක මම මුලින්ම පොල් ලෙලිගහන්න පුහුණු වුණේ අනුරාධපුර යුධ හමුදා රෙජිමේන්තු මූළස්ථානයේ සිටිය කාලයේ. ඉතින් ඒ් කාලයේ දී මං පුහූණු වුණ ඒක දිගටම පුරුදු වුණා. දැන් මට පොඩි කාලයක් තුළ කටින් පොල්ලලි ගහන්න් පුළුවන්. මං සොයලා බැලුවා මං වගේ අඩු කාලයකින් කවුරුවත්ම පොල් ලෙලි ගහලා නෑ කටින් බොහොම පොඩි කාලයක් තුළ.ඒ් කියන්නේ තත්පර 11ට 10ට අඩුවෙන්

42.31%
17.27%
32.76%