Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෘද, අක්මා, වකුගඩු රෝග හා අධි රුධිර පීඩන වැනි රෝගී තත්වයන්ට භාවිත කරනු ලබන ෆියුරොසිමයිඩ් සිරප් (Furosemide syrup) බෝතල් 6,000ක් තත්වයෙන් අසමත් බව වාර්තා වනවිටත් එම ඖෂධවලින් සියයට අනූඅටක ප්‍රමාණයක් ළමා රෝහල ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා භාවිතා කර තිබූ බව ජාතික විගණන කාරියාලය නිකුත් කළ අලුත්ම වාරිතාවක සඳහන්වේ.
මෙම ඖෂධ ආනයනය කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ පසුගිය 2020 වර්ෂයේදී නිකුත් කරන ලද ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේය.
මේ තොරතුරු සඳහන් වන්නේ 2022 හා 2023 වර්ෂවල ඖෂධ අවශ්‍යතාවය ප්‍රසම්පාදනය සැපයුම බෙදාහැරිම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන
වාර්තාවේය.
මේ අතර උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වන බව පවසමින් වෛද්‍ය සැපයුම් අංශය සැවොරයිට් සමාගමට ඇණවුම් ඉදිරිපත් කර ඇති ඖෂධ තිස්අටෙන් දහයක්ම අත්‍යවශ්‍ය ඖෂධ නොවන බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 28 කට ආසන්න බව සඳහන්වේ.
වෛද්‍ය සැපයීම්වල දැනට පවතින තොග අවදානම් මට්ටමක පවතින බවත් ඉදිරි සති තුනක කාල සීමාවේදී රටේ උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වීමේ දැඩි අවධානයක් පවතින බවත්, ශල්‍යාගාර ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රිය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පවසමින් මෙම ඖෂධ ආනයනය කර තිබිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart