May 17, 2024

අන්තර්ජාතික සමුද්‍ර සීමාව තරණය කිරීම සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ධීවරයින් 14 දෙනකු බෝට්ටු පහක් සමඟ ඉන්දීය නාවික හමුදාව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය නාවික හමුදාවේ මූලාශ්‍රවලට අනුව ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන රාණි දුර්ගාවතී විසින් ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය 14 දෙනෙකු සමඟින් ශ්‍රී ලංකා ධීවර බෝට්ටු 5ක් ඉන්දීය මුහුදු සීමාව තුළ නාවික සැතපුම් 7ක් ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය සුවිශේෂී ආර්ථික කලාපය ආරක්ෂා කිරීම සහ මුහුදේ සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින්, සිදුකළ මෙම මෙහෙයුමේදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂ කිලෝග්‍රෑම් 200ක් පමණ නාවික හමුදා බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සියලුම ධීවරයින් ශ්‍රී ලංකාවේ පරුතිතුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ආරංචි මාර්ග පවසයි.

ඔවුන් නාගපට්ටිනම් ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු වේදාරන්යම් සමුද්‍ර පොලිසියට භාරදී ඇත.

42.31%
17.27%
32.76%