May 16, 2024

චීන විදුලි වාහන ආනයනය සඳහා තීරුබදු සියයට 25 සිට 100 දක්වා ඉහළ නැංවීමට බයිඩ්න් පරිපාලනය ඊයේ පියවර ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රතිචාර දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව චීන රජය පවසන්නේ අමෙරිකාවේ ක්‍රියාකලාපය සඳහා දැඩිව විරෝධය පළ කරන බවයි.

එමෙන්ම දෙරට අතර පවතින පුළුල් සම්බන්ධතාවයට අමෙරිකාව පැනවූ වෙළඳ බාධක දැඩිව බලපානු ඇති බවට ද චීනය අනතුරු අගවා තිබේ.

එමෙන්ම සිය රටේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව ද චීනය පවසා ඇත.

චීනයේ වාණිජ අමාත්‍යාංශය කියා සිටියේ මෙම පියවර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ චීනය පිළිබඳ පෙර ස්ථාවරයට පටහැනි බවයි.

එමෙන්ම අමෙරිකාව විසින් තීරුබදු වැඩි කිරීම චීනයේ සංවර්ධනය යටපත් කිරීමට සහ චීනය පාලනය කිරීමට ගත් උත්සහයක් බව ද එම අමාත්‍යංශය පවසා තිබේ.

බයිඩ්න් පරිපාලනයේ මෙම ක්‍රියාව ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වාතාවරණයට බරපතල ලෙස බලපානු ඇති බව ද එම අමාත්‍යංශය අවධාරණය කර ඇත.

එබැවින් සිය වැරදි ක්‍රියාව නිවැරදි කරන ලෙස ද බයිඩ්න් පරිපාලනයෙන් ඉල්ලා සිටින බව චීනයේ වාණිජ අමාත්‍යංශය පවසා තිබේ.