Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වන විට මියගොස් සිටින පරිසරවේදියකු වන අනුර නිහාල් වීරක්කොඩි පදිංචිව සිටි පිළියන්දල හොරණ පාරේ හොන්නත්තර පිහිටි නිවෙසේ තිබී ගිනිඅවි සහ පතරොම් රැසක් සොයාගෙන තිබේ.
ටී-56 අවියක්, මැගසින් 04ක්, ටී-56 පතරොම් 116ක්, බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ මෝටාර් උණ්ඩයක් ඒ අතර තිබී ඇත.
නිවෙසේ උඩුමහලේ සොල්දර තට්ටුවේ යන්ත්‍ර උපකරණ කාමරය නිහාල් වීරක්කොඩිගේ පුතා විසින් පරීක්ෂා කිරීමේදී මෙම ගිනිඅවි හමු වී තිබේ.
පරිසරවේදියාගේ බිරිය වන ජයසේකර කංකානම්ලාගේ සමන්තිකා සහ පුතා වන සංඛ මිහිනාත් වීරක්කොඩි කැස්බෑව පොලිසියට ඒ ගැන පෙරේදා (14) කළ දැනුම්දීමකට අනුව පොලිසිය පැමිණ එම අවි සහ පතරොම් සිය භාරයට ගෙන ඇත.
ටී-56 අවියේ අනුක්‍රමික අංකය මකා දමා තිබී ඇත. බෝර 12 අවිය බලපත්‍ර සහිත එකක් බවත් එහි අංක තිබී ඇත්තේ මකා දමා බවත් පොලිසිය කියයි.
මෙම අවි තිබුණු කාමරය ගබඩාවක් ලෙස පරිසරවේදියා විසින් පවත්වාගෙන ගිය එකක් බව ඔහුගේ බිරිය පොලිසියට පවසා ඇත. පරිසරවේදියා 2022 වසරේ අප්‍රේල් 05 වැනිදා මියගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 67ක් බව පැවසේ.
අනුර නිහාල් වීරක්කොඩි නමැති මෙම පරිසරවේදියා 1991 වර්ෂයේ සිට 1996 වර්ෂය දක්වා ජපානයේ රැකියාවක් කර 1996 වර්ෂයේ ලංකාවට පැමිණ 1998 වර්ෂයේදී ඉහත කාන්තාව සමඟ විවාහ වී මෙම නිවෙසේ පදිංචිව සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පරිසරවේදියකු වශයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල හා වනාන්තර තුළ කඳවුරු බැඳ ඔසු ගවේෂණවල නිරත වූ අයකු බවත් ඉහත ගබඩාව ඔහු පරිහරණය කර ඇත්තේ ඔහුගේ ගවේෂණවලට අවශ්‍ය උපකරණ ගබඩා කර තැබීමට බවටත් තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැමියා මියයෑමෙන් පසුව පළමු වරට මෙම ගබඩාව සිය පුතා සමඟ පිරිසුදු කිරීමට යෑමේදී පෙරේදා (14) මෙම අවි හා උණ්ඩ තිබූ බව බව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart