Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු දෙකක් එකතු කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසීය.
විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ පත්‍රයේ 9 වැනි හා 39 වැනි ප්‍රශ්න දෙක සඳහා මෙම ලකුණු දෙක එකතු කරන බවත් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අත්‍යවශ්‍ය ඉගැන්වීම්වලට බාහිරව ප්‍රශ්න අන්තර්ගත බවට පසුගියදා සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීමත් සමඟ මෙම ප්‍රශ්න පත්‍රය ආන්දෝලනයට තුඩුදුන් බවත් හෙතෙම පැවසුවේය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති ජනමාධ්‍ය හමුවට සහභාගි වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව ඊයේ (15) ප්‍රකාශ කළේය.
පසුගිය 06 වැනිදා ආරම්භ කළ සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (15) අවසන් වූ බවත් කිසිදු ප්‍රශ්න පත්‍රයක් අවලංගු නොකර විභාගය සාර්ථකව පැවැත්වූ බවත් ඒ ඔහු පැවසුවේය.
ඇතැම් අවස්ථාවලදී විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වීම සිදු වූ බවත් එසේ අක්රමිකතාවන් වාර්තා වූයේ විභාග නීති දැඩි ලෙස ක්‍රියාත්මක කළ නිසා බවත් හෙතෙම කීය.
ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්වීමට පෙර කිසිදු ආකාරයකින් පිට වී නැති බවත් විභාගය පැවැත්වෙන අතර සිදු වූ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart