Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය මැයි 29 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන විසින් මෙම දීර්ඝ කිරීම ප්‍රකාශයට පත්කෙරිණි.
ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති ෆයිසර් මුස්තාපා යන අය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
1994 සිට 2005 දක්වා ශ්‍රීලනිප නායිකාව ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනු කළ පැමිණිල්ලකට අනුව මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප නායකයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අප්‍රේල් මාසයේදී අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබිණි.
හිටපු ජනාධිපති සිරිසේන ශ්‍රීලනිප සභාපති ලෙස කටයුතු කිරීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැණි බවත්, ඔහු එම තනතුරේ කටයුතු කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපතිනිය සිය පෙත්සමින් සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart