Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුක්රේනයේ ගැටුම් පවතින ප්‍රදේශවලට හිටපු හමුදා නිලධාරීන් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයකු සහ හිටපු හමුදා සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.
විශ්‍රාමික යුද ප්‍රවීණයන් කුලී හේවා කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස රුසියානු යුක්රේන යුද පෙරමුණට යැවීමේ ජාවාරමක නිරත වූ නීතිවිරෝධී මිනිස් ජාවාරම්කරුවන් සහ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), පොලිසිය සහ බුද්ධි අංශ පුළුල් මෙහෙයුම් දියත් කර ඇත.
කුලී හේවායන් ලෙස එක් වූ ශ්‍රී ලාංකික හමුදා ප්‍රවීනයන් සැළකිව යුතු සංඛ්‍යාවක් යුද බිමේදී මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවට ද ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.
විදේශ හමුදාවට බැඳීමට අවස්ථාවක්, ඉහළ වැටුප්, එම රටවල පුරවැසිභාවය සහ වෙනත් ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වූ මෙම මිනිස් ජාවාරම්කරුවන් විසින් රැවටීමට ලක් වූ අදාළ හමුදා සාමාජිකයන් කුලී හේවායන් ලෙස රුසියානු-යුක්රේන යුද පෙරමුණට පිටත්ව ගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත්, සේවයේ යෙදී සිටින අයට හෝ තුවාල ලැබූවන්ට කිසිදු වැටුප් හෝ ප්‍රතිලාභයක් ලැබී නොමැති අතර, මෙම ජාවාරම්කරුවන් තුවාල ලැබූවන්ගේ හෝ මියගිය අයගේ පවුල්වලට කිසිදු ආකාරයක වන්දියක් පවා ලබා දී නොමැත.
තවද, එම හමුදා සාමාජිකයන් සිටින ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් ඔවුන්ගේ පවුල්වලටද ලබාදීමට ඔවුන් අපොහොසත් වී ඇත.
මෙම නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ මිනිස් ජාවාරම්කරුවන්ට, ආයතනවලට සහ වෙනත් පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යුක්රේනයේ ගැටුම් පවතින ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත කඩවත ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart