May 8, 2024

පකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ Swat හිදී, 13 හැවිරිදි ගැහැණු ළමයෙකු සමඟ විවාහ වීම සම්බන්ධයෙන් 70 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එවැනි ක්‍රියා පකිස්තානය තුළ නීතියෙන් තහනම් බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

එම මාධ්‍ය වාර්තා පවසන්නේ වන අදාළ බාලවයස්කාර දැරිය වයෝවෘද්ධ පුද්ගලයාට විවාහ කර දී ඇත්තේ ඇගේ පියා විසින් බවයි.

විවාහය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග පොලිසිය මැදිහත්වී වයෝවෘද්ධ මනාලයා සහ දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව, විවාහය ලියාපදිංචි කිරීමට පැමිණ සිටි නිලධාරියා සහ සාක්ෂිකරුවන් ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, බාලවයස්කාර මනාලිය ප්‍රාදේශීය රෝහලකදී වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඇති බව ද පකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම මගින් පකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් කඩ කරනවා පමණක් නොව තරුණ ගැහැණු දරුවන්ගේ යහපැවැත්මට බරපතල අවදානමක් ද ඇති කරයි.

පකිස්ථානයේ පවතින නීති සම්පාදනය යටතේ, 1929 ම් විවාහ සීමා කිරීමේ පනත අනුව ගැහැණු ළමයින් සඳහා අවම විවාහ වයස අවුරුදු 16 ක් වන අතර පිරිමි ළමුන් සඳහා අවුරුදු 18 ක් ලෙස නියම කර තිබේ.