
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ අනාගතයේදී ගම් මට්ටමින් සිය පාක්ෂිකයින්ට අධිකරණ බලතල විමධ්‍යගත කරන බවට ජාතික ජන බලවේගයේ ප්‍රභලයෙකු වන කේ. ඩී. ලාල්කාන්ත පසුගිය දා පැවැති එම පක්ෂයේ මැයි දින රැළියේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ සමගි ජන බලවේගය යන දෙපිරිසම පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට වාග් ප්‍රහාරයක් එල්ල කරමිනි.
ලාල්කාන්ත ග්‍රාමීය මට්ටමේ තම පක්ෂ සාමාජිකයන්ට අධිකරණ බලය පැවරීමට ප්‍රතිඥා දුන් බව රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබිණි.
ලාල්කාන්තගේ කතාව ඇතුළත් හඬ පටයක් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් පාර්ලිමේන්තුව තුළ ප්‍රචාරය කළේය.
ඊට පිළිතුරු දෙමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, ලාල්කාන්ත ග්‍රාමීය මට්ටමේ ජාතික ජනබලවේගයේ සාමාජිකයින්ට අධිකරණ බලතල ඛෙදාහරින බව කිසිවිටෙක සඳහන් නොකළ බවයි.
“ලාල්කාන්ත සියලු ජනතාවට යුක්තිය පසිඳලීම සහතික කළා පමණයි,” ඇය පැවසුවාය.
ඊට ප්‍රතිචාර දැක්වූ අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ, 1989 දී ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී ඉඩම් ආරවුල් විසඳූ ආකාරය සිහිපත් කළේය.
“ඒ කාලයේ ජේවීපීකාරයෝ නීතිය අතට ගත්තා.” ඔහු පැවසුවේය.
ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියාසිටියේ ලාල්කාන්ත ඉදිරියේදී ජාතික ජනබලවේගය ප්‍රමුඛ ප්‍රමුඛ ආණ්ඩුවක අධිකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට සූදානම් වන බවයි.
“ලාල්කාන්ත අනාගත එන්පීපී ආණ්ඩුවක ක්‍රියා කරන්නේ කෙසේදැයි පෙන්වා දී තිබෙනවා.” ඔහු පැවසීය.
“1988 ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් අයව ජේවීපීකාරයෝ මැරුවා,” යනුවෙන් ද ඔහු සිහිපත් කළේය.
1989 කැරැල්ල ගැන දැන් කතාකිරීමෙන් පලක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ඊට පිළිතුරු වශයෙන් පැවසුවාය.
“මන්ත්‍රීතුමියට ඒ අතීතය අමතක කරන්න පුළුවන්, අපිට බැහැ” පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්නද අලුත්ගමගේ පිළිතුරු දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart