May 8, 2024

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුද හමුදාපති විකුම් ලියනගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (07) නඩු පැවරීය.

නීතිඥ එම්.මොහොමඩ් ෆර්ෂාන් මගින් ඉදිරිපත් කළ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකු, අමෙරිකාවේ යූටියුබ් ආයතනය සහ ගූගල් සමාගම නම්කර ඇත .

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව (ඔන්ලයින් පනත යටතේ)මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර, වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනීසිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසත්, තමාට අපහසු වන අයුරින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටය තවදුරත් ප්‍රචාරය කිරීම තහනම් කරන ලෙසත් පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%