May 6, 2024

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දුන් on-arrival visa අයදුම් කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්න 7ක් මතුකර තිබේ.

අමතර ගාස්තු අයකරමින් ප්‍රමාදයක් ඇති කරන ඉන්දියානු සමාගමකට මෙම ක්‍රියාවලිය ලබා දී ඇති බව සංචාරකයකු ප්‍රකාශ කිරීම සමාජ මාධ්‍යවල වීඩියෝවක් ලෙස්ස ප්‍රචාරය වීමෙන් අනතුරුව නව ක්‍රියාවලිය පිළිබඳව කනස්සල්ල මතුවිය.

අද ජනමාධ්‍ය අමතමින් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් එම සිද්ධිය පිළිබඳව පැහැදිලි කළ අතර, ශ්‍රී ලංකාවේ වීසා අයැදුම් කිරීමේ පද්ධතිය රාජ්‍ය වේදිකාවක සිට ගෝලීය වීසා සැකසුම් සේවාවක් වන VFS Global වෙත ලබාදීමේ පියවර පිළිබඳ විස්තර ද ලබාදුන්නේය.

ඇමැති අලස් මහතා ප්‍රශ්නයට නිසි පිළියම් යෙදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා, අදාළ ගැටලුව හෙළිදරව් කරන ලද පුද්ගලයාට දඩුවම් ලබාදීමට සුදානම් වීම සම්බන්ධයෙන් ඇමැතිවරයාට දැඩි විවේචන එල්ල කළේය.

විපක්ෂ නායකවරයා අදාළ බලධාරීන්ට පහත ප්‍රධාන ප්‍රශ්න යොමුකර ඇත.

1. VFS ආයතනය තෝරාගැනීම සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළේ කවදාද?
2. SLT Mobitel සමාගම විසින් ඉදිරිපත් කළ එක් පැමිණීමකට ඩොලර් 1ක් වන විසඳුමට වඩා ඩොලර් 25.77ක් වැයවන VFS ආයතනය විකල්පයක් ලෙස තෝරාගැනීමට හේතු වූ කරුණු මොනවාද?
3. ශ්‍රී ලංකා වීසා අනුමැතිය සඳහා අවශ්‍ය වන්නේ විදේශ ගමන් බලපත්‍ර පිටපතක් පමණක් වන අතර, VFS කටයුතු සඳහා තවත් ලියකියවිලි අවශ්‍ය වේ. එබැවින් බාහිර සමාගමකින් මෙලෙස සේවාව ලබාගැනීම සාධාරණීකරණය කළේ කෙසේද?
4. කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඉහළ ගාස්තු සංචාරකයන්ගේ පැමිණීමට බලපානු ඇතැයි කියමින් සංචාරක ඇමැතිවරයා ඊට විරුද්ධ වූයේද? එසේනම්, එම කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් ඔහු කළ ලිඛිත නිරීක්ෂණ තිබේද?
5. වඩාත්ම ජනප්‍රිය දින 30 වීසා කාණ්ඩය ඉවත් කිරීමට සංචාරක ඇමැතිවරයා විරුද්ධ වූයේද?
6. තමන් මෙම කටයුත්තට සම්බන්ධ නැතැයි කියන සංචාරක ඇමැතිවරයා කුමන හෝ අවස්ථාවක VFS නිලධාරීන් සමඟ සංවාදයේ යෙදී තිබේද?
7. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනයට VFS සම්බන්ධ වන්නේ ඇයි සහ කාර්යයේ විෂය පථය හා පිරිවැය ගණනය කළේ කෙසේද?

මෙවැනි තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අනතුරේ පවතින බවත්, මෙම ව්‍යාකූලත්වය තවදුරටත් පැවතිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනතුරු අඟවයි.

42.31%
17.27%
32.76%