May 6, 2024

සිංහල ප්‍රවෘත්ති විකා­ශ­යක් කෘත්‍රිම බුද්ධිය (AI තාක්ෂ­ණය) භාවිත කර­මින් පළ­මු­ව­රට ප්‍රේක්ෂ­ක­යන්ට ඉදි­රි­පත් කිරී­මට ජාතික රූප­වා­හි­නිය ඊයේ (05) පිය­වර ගත්තේය.

ඊයේ (05) රාත්‍රී 8 ප්‍රවෘත්ති විකා­ශය රූප­වා­හි­නියේ ප්‍රධා­න­ නිවේ­ද­ක­යන් දෙදෙනා වන නිශාදි බණ්ඩාරනායක සහ චමින්ද ගුණ­රත්න විසින් ඉදි­රි­පත් කළ නමුත් එහිදී ඒ සඳහා යොදා ගැනුණේ එම දෙදෙ­නාගේ අනු­රූය.

එම ප්‍රවෘත්ති විකා­ශයේ වැඩි වේලා­වක් ඉදි­රි­පත් කෙරුණේ මෙම අනුරූ මඟිනි.

AI තාක්ෂ­ණයේ නව­තම අත්දැ­කී­මක් ප්‍රේක්ෂ­ක­යන් අත­රට ගෙන යෑම ජාතික රූප­වා­හි­නියේ අරමුණ වී තිබේ.

AI තාක්ෂ­ණය මිනි­සාගේ කට­යුතු පහසු කරගැනීම සඳහා ලොව පුරා භාවිත කරන නවී­න­තම සහ ප්‍රමු­ඛ­තම තාක්ෂ­ණික මෙහෙ­යු­මකි.

ශ්‍රී ලංකා රූප­වා­හිනි සංස්ථාව මඟින් මින් පෙර අවු­රුදු චාරිත්‍ර මෙම තාක්ෂ­ණය භාවිත කර­මින් ප්‍රේක්ෂක ජන­තාව වෙත ඉදිරිපත් කළ අතර ඊට රට පුරා මෙන්ම ලෝකය පුරා විසිරි සිටින ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂ­ක­ය­න්ගෙන් ඉහළ ප්‍රති­චා­ර­යක් හිමි විය.

ඉදි­රි­යේදී මෙම තාක්ෂ­ණය උප­යෝගී කරගෙන තවත් නව අත්දැ­කීම් ජන­තා­වට ලබා­දී­මට ජාතික රූප­වා­හි­නිය කට­යුතු කර­මින් සිටියි.