Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දින හතරක් පුරා ජල ප්‍රශ්නයක් මුල්කරගෙන වැලිඔය, හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නනායකකාරගේ මැදිහත්වීමෙන් ඊයේ අවසන් කිරිමට එම ගොවි සංවිධානය එකඟ විය.
තමන්ගේ ජල ගැටලුවට විසඳුමක් කිසිදු පාර්ශවයකින් නොලැබුන බව හැළබවැව ගොවීහු ඊයේ (04) මුලතිව් හි පුදුකුඩීඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේ පැවති ‘ජයගමු ශ්‍රි ලංකා’ ජනතා ජංගම සේවයට සහභාගී වෙමින් සිටි අමාත්‍ය මනූෂ නානායකකාර හමුවී පැවසූහ.
මේ පිළිබදව ජනාධිපතිවරයාගේත් විශය භාර අමතිවරියගේත් අවධානය යොමුකිරීමට ඇමතිවරයා කටයුතු කර ඇත.
ඒ අනුව එම ස්ථානයට ඊයේ රාත්‍රියේම පැමිණි අමාත්‍ය මනූෂ නානායක්කාර, වනජීවී, වනසංරක්ෂණ සහ වාරි මාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සමග මෙම තත්ත්වය දුරකථනයෙන් සාකච්චා කරන ලදී. එම සාකච්ඡාවේදී හැළබ වැව ගොවි ජනපදය තෙක් යාන්ඔය වාරි ජලය ගෙන ඒමට අවශ්‍ය රුපියල් මිලියන 225 හදිසි කටයුත්තක් සේ සලකා ලබාදීමටත්, හෙට පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමේදී ඊට අවශ්‍ය අනුමැතිය ලබාගැනීමටත් ඇමතිනිය එකඟ වූවාය. ඒ අනුව මේ සදහා වන මුදල් අය වැය මගින් වෙන් කිරීමටද සහතික විය.
මේ බව අමාත්‍ය මනූෂ නානානායක්කාර විසින් හැළබ වැව ගොවි සංවිධනයේ සාමාජිකයන්ට දැන්වීමෙන් අනතුරුව ඔවුහු තම විරෝධතාවය අවසන් කිරිමට එකඟ වූහ. ඒ අනුව ගොවි සංවිධානයේ සභාපතිවරයා සිය උපවාසය අතහළ අතර තම ගැටළුවට අදාල සියළු ලේඛණ අමාත්‍යවරයාට බාරදී, ඒවා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානයට ලක්කරනා මෙන් ඉල්ලා සිටීන ලදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රටේ ආර්ථික තත්ත්වය නගා සිටවා ඇති බැවින් මෙවැනි කටයුත්තක් සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා ගොවීන්ට පැහැදිළි කර දුන්න්නේය .
2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ගොවි පවුල් තුන්සීයක් පමණ හැළඹවැව ගොවිජන පදයේ පදිංචි කරනාලද අතර මේ වන විට පවුල් දෙසීයයක් පමණ එම ජනපදයේ ජීවත් වෙති.
යාන්ඔය ව්‍යාපාරය යටතේ එම ගොවීන්ට වාරි ජලය ලබාදීම නියමිතව තිබුන මුත් විවිධ හේතූන් මත වාරි ජලය ලබාදීම නිසියාකාරව සිදු නොවූ බව ගොවීහු චෝදනා කරති.
එම තත්ත්වය මත ගොවිපවුල් 200 කට පමන වාරි ජලය නොලැබි යාමෙන් ඔවුනගේ වගාවන් කරගත නොහැකි තත්ත්වයක් ඇති විය.
එම තත්ත්වය මත යාන්ඔය ව්‍යාපාරයෙන් තමන්ට වාරි ජලය ලබදෙන ලෙස හැළඹවැව ජනපදයේ ගොවියෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටි අතර ඊට අදාල ඇස්තමේන්තුව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය ඇමති කාදර් මස්තාන්ගේ මැදිහත්වීමෙන් සකස් කර තිබිණි.
එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිට ත්රිකුණාමළය දිස්ත්‍රික්කයට යාන්ඔය ව්‍යාපාරයේ ජලය ගෙන යාම දිනෙන් දින පමා වු අතර ගොවි සංවිධාන විසින් ඊට කලක සිට විරෝධතාවය දක්වමින් සිටිනා ලදි. තම ගම්මානයට සමීප දුරකට යාන්ඔය ව්‍යාපාරයෙ ජලය පැමිණ ඈති බවත්, ඉතිරි කිලෝ මීටර් හතරක දුර ජලය ගෙන ඒමට වැයවන්නේ රුපියල් මිලියන 225 ක මුදලක් බවත් හැළඹවැව ජනපදයේ ගොවියෝ පෙන්වා දුන්හ.
මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මැදිහත්වූයේ මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදී තිබූ ගැටලුවකටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart