May 5, 2024

ශ්‍රී ලංකාවේ පැවැ­ති පළමු කොටසේ ආසි­යා­තික රග්බි ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.

ඒ කසකස්ථානය පරාජය කරමිනි.

මෙවන් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබාගත්තේ වසර එකොළහට පසුව වීම විශේෂත්වයකි.

ජයග්‍රාහී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය.

සුයොරු ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස තරින්ද රත්වත්ත කට­යුතු කළ අතර, සනත් මාටිස් ප්‍රධාන පුහු­ණු­කරු ලෙසත්, දුෂ්‍යන්ත් ලෙව්කේ ඉදි­රි­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත්, නිල්ෆර් ඉබ්‍රා­හිම් පසු­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත් කට­යුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකාව, ඉන්දි­යාව, කස­ක­ස්ථානය සහ කටාර් යන කණ්ඩායම් හතර පිළිමලුන් පිටුදැකීමේ මෙම තරගාවලියට එක්විය.