Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විද්‍යුත් වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා රජය විසින් VFS Global වෙත ලබාදීම යටතේ සංචාරක පැමිණීම් ඉහළයන විට එම සමාගමට වසරකට ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් උපයා ගත හැකි බව පෙනීගොස් තිබේ.
රජය විසින් පවත්වාගෙන යනු ලබන වේදිකාවක් අත්හැර එම කටයුතු VFS Global වෙත ලබාදී ඇත්තේ SLT-Mobitel විසින් සංවර්ධනය කරන ලද ක්‍රමවේදයක් නොමිලේ මෙන් ලබාදීමට වූ යෝජනාවක් ඉවත දැමීමෙන් පසුව බව හෙළිවීමත් සමග රජයට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දෝෂාරෝපණ එල්ලවෙමින් තිබේ.
ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) තර්ක කරන්නේ වීසා වියදම්වලින් 25%කට වඩා දැන් VFS Globalහි ගාස්තු මගින් උකහාහෙන ඇති අතර ඔවුන් පවසන පරිදි සංචාරකයන්ට හෝ ශ්‍රී ලංකාවට මෙමගින් ප්‍රයෝජනයක් නොවන බවයි.
අනෙකුත් රටවල් හරහා විද්‍යුත් වීසා සැකසීමේ නිරත බැවින් VFS Global වෙත සේවා කටයුතු පැවරීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියක අවශ්‍යතාව ප්‍රතික්ෂේප කරමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මෙම තීරණය ආරක්ෂා කරයි.
කෙසේවෙතත්, VFS Global තවමත් චෝදනා එල්ලවී තිබෙන ඔවුන්ගේ ඉහළ ගාස්තු සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැත.
පෙර පැවති ETA ක්‍රමය පිළිබිඹු කරමින් රජයේ වෙබ් අඩවියක පරිශීලක-හිතකාමී වීසා අයදුම් කිරීමේ ක්‍රමයක් නැවත ස්ථාපිත කරන ලෙස සංචාරක පාර්ශ්වකරුවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සෘජුවම ඉල්ලීම් කර තිබේ.
සංචාරක ප්‍රබෝධය පවත්වා ගැනීමට සහ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා දැරිය හැකි මිලකට වීසා විකල්පයන් අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති.
සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ද නව ක්‍රමය අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇති අතර, ඊට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙසට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ද බලපෑම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart