May 4, 2024

එක්සත් ජනපදය පුරා විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ මර්දනය සහ සිසුන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හෙළාදැක තිබේ.

“පලස්තීනය නිදහස් කරගැනීමේ සටනේදී අපි කොන්දේසි විරහිතව එක්සත් ජනපදයේ සෙසු විශ්වවිද්‍යාල සිසුන් සහ පීඨයන් සමඟ එක්ව සිටිනවා. ඔවුන්ගේ විශ්වවිද්‍යාල ඊශ්‍රායලයෙන් ඉවත්වන ලෙසත්, එමගින් පලස්තීන ජනතාවගේ සමූලඝාතනයට සහය දීම නවත්වන ලෙසත්, අත් අඩංගුවට ගෙන ඇති සියලුම සිසුන්ට සහ පීඨයන්ට පොදු සමාවක් ලබාදෙන ලෙසත් ඔවුන්ගේ ඉල්ලීම් අපි නැවත අවධාරණය කරනවා. සටනට එක්වන්න! පලස්තීනයට නිදහස,” යනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පෙළපාළිකරුවන් ඉල්ලා සිටින්නේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන, ඊශ්‍රායලයේ පලස්තීන ජන සංහාරය අවසන් කරන ලෙසත්, ඔවුන්ගේ විශ්වවිද්‍යාල ඊශ්‍රායලය සමග ව්‍යාපාර කරන සමාගම්වල සෘජු ආයෝජනවලින් ඉවත් වන ලෙසත්ය.

නිදසුනක් වශයෙන්, යේල් වැනි සමහර විශ්වවිද්‍යාල, ගාසා තීරයේ ඊශ්‍රායල වැටලීමට ආධාර කරන මිලිටරි ආයුධ නිෂ්පාදකයන්ගෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටී.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ, සිසුන් ඊශ්‍රායල රජය සමඟ පරිගණක ගනුදෙනු ඇති ගූගල් වැනි තාක්ෂණික සමාගම් ඉලක්ක කරයි.

අප්‍රේල් 17 වැනි දින සිට, කොලොම්බියා විශ්වවිද්‍යාලයේ අයිවි ලීගයේ සිසුන් ඔවුන්ගේ විශ්වවිද්‍යාල භූමියේ ගාසා සහයෝගිතා කඳවුරු පිහිටුවා ගත් විට, අමෙරිකාව පුරා තවත් විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් එය අනුගමනය කිරීමට පියවර ගෙන තිබිණි.

නිදහස් පලස්තීනය සඳහා වූ සටනට එක් වූ Yale, Harvard, Princeton, Cornell, UPenn සහ Ivy League වැනි අනෙකුත් විශ්වවිද්‍යාල වේ.

අප්‍රේල් 17 වැනිදා සිට එක්සත් ජනපදය පුරා සිසුන් 1000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂයෙන් ප්‍රචණ්ඩකාරී මර්දනයකදී, ජෝර්ජියාවේ එමරි විශ්වවිද්‍යාලයේ ගාසා කඳවුර බිඳදැමීමට ඇට්ලන්ටා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කර තිබිණි.

පොලිසිය එමරි මහාචාර්යවරියක් සමඟ පොරබැද ඇයව බිම දමා අල්ලාගෙන තිබිණි.

තවත් මහාචාර්යවරයෙක් ද ප්‍රචණ්ඩකාරී ලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බොහෝ සිසුන් සමඟ ය.

මේ සතියේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පැවති විරෝධතාවයකදී හරිත පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජිල් ස්ටේන් ද ප්‍රචණ්ඩ ලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

එක්සත් ජනපදයේ විරෝධතා දක්වන සිසුන් තම ඉල්ලීම් ඉටු කරන තුරු අඛණ්ඩව විරෝධතාවල නිරත වන බවට සපථ කර ඇත.

විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන්ට සහ පීඨයන්ට එරෙහි ප්‍රචණ්ඩ මර්දනය නතර කරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටියේය.