
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ (BIA) වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගම් භාරගෙන ඇති බවට පළවන වාර්තා මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ, කටුනායක ගුවන් තොටුපළේ ඇති වූ සිද්ධියකදී සඳහන් කර ඇති සමාගම් ඉන්දියානු හෝ ඉන්දියාව පදනම් කරගත් සමාගමක් නොවන අතර, එහි මූලස්ථානය වෙනත් ස්ථානයක් ඇති බවයි.
මෙම තත්වය තුළ ඉන්දියාව පිළිබඳව කෙරෙන ඕනෑම සඳහනක් පදනම් විරහිත බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසා තිබේ.
ඉකුත් දා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී ශ්‍රී ලාංකිකයෙකු විසින් නව ඊ-වීසා ක්‍රමය විවේචනය කරන ලද සිදුවීමක් වාර්තා වූ පසුබිමක ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.
තවද, ශ්‍රී ලංකා රජයේ නිලධාරි දිනූක් කොළඹගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, විදේශීය අමුත්තන් සඳහා වීසා නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලසීමාව යටතේ පවතින බවයි.
ඒ සඳහා කිසිදු පෞද්ගලික සමාගමක් බාහිරින් ලබාගෙන නොමැති බව ද ඔහු සඳහන් කර ඇත.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක, කලබලයට පත් ශ්‍රී ලාංකිකයකු කියාසිටියේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ වීසා සැකසීම භාරගත් ඉන්දියානු සමාගම් ප්‍රමාද සිදුකරන බව හා අමතර ගාස්තු අයකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart