May 2, 2024

පකිස්තානය සහ ඉරානය තවදුරටත් එම රටවල සිටින ඇෆ්ගන් සරණාගතයින් රටින් නෙරපා හරිමින් සිටියි.

ඒ අනුව පකිස්ථානය සහ ඉරානය විසින් නෙරපා හැරීම හේතුවෙන් 2000 කට අධික ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් පිරිසක් නැවත ඇෆ්ගනිස්තානයට ඇතුළු වූ බව තලෙයිබාන් ප්‍රමුඛ සරණාගතයින් සහ ආපසු ගෙන්වා ගැනීමේ අමාත්‍යාංශය පවසා තිබේ.

එම අමාත්‍යංශය පවසන පරිදි ඉකුත් සඳුදා ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් 260 දෙනෙකු පකිස්තානයෙන් නෙරපා හැර තිබුණි.

එලෙස නෙරපා හැරි පිරිස පසුව පාකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානයේ කාබුල් වෙත ආපසු පැමිණ ඇති බව තලේබාන් සංවිධානය තහවුරු කර තිබේ.

මේ අතර, ඇෆ්ගන් සංක්‍රමණිකයන් 2,368 දෙනෙකු ඉරානයේ සිට ඇෆ්ගනිස්ථානයට එදිනම ඇතුළු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් මෙම සරණාගත අර්බුධයට මැදිහත් වෙමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය මීට පෙර පකිස්තානයෙන් ඉල්ලා තිබුණේ
ඇෆ්ගන් සංක්‍රමණිකයන් පාකිස්තානයෙන් නෙරපා හැරීමේ සැලැස්ම වහාම අවලංගු කරන ලෙසයි.

එම මෙම සැලැස්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට සහ සරණාගත නීතිවලට පටහැනි බව ද එම ආයතනය අවධාරණය කර තිබුණි.

මේ අතර, තලේබාන් සංවිධානයේ වැඩබලන සරණාගතයින් සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇෆ්ගන් සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්නය ද්විපාර්ශ්වික අවබෝධතා රාමුව තුළ විසඳන ලෙස පාකිස්තානයෙන් ඉල්ලා සිටින බවයි.