Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඛනිජ තෙල් සංස්ථාවේ නීති උපදෙස්වලට අනුව යමින් 2013 වසරේ ගනු ලැබූ තීරණක් 2023 වසරේ ක්‍රියාත්මක කිරීමට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයකට එරෙහිව අභියාචනාධිකරණය ස්ථිර වාරණ නියෝගයක් ලබා දී තිබේ.
අදාළ තීරණය ගෙන තිබුණේ සංස්ථා පාලිත බෙදුම්කරුවන්ට ලබාදෙන සම්මත වට්ටම් මුදල සම්බන්ධයෙනි.
සංස්ථා පාලිත බෙදුම්කරුවන්ට ලබාදෙන සම්මත වට්ටම් මුදලින් 35%ක මාසික පරිහරණ ගාස්තුවක් අයකරගැනීමට 2013 වසරේ තීරණය කර තිබූ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකිවිම මත 2019 සහ 2021 වසරවලදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ම එය අවලංගු කර තිබේ.
එසේ තිබියදි 2023 වසරේ නොවැම්බර් මස සංස්ථාවේ නීති උපදෙස්වලට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2013 වසරේ ලබාදී තිබු තීරණය එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එම තීරණයට එරෙහිව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබු නඩුව සඳහා අවසර ලබාදුන් අභියාචනාධිකරණය නඩුව විභාගකර අවසන් වනතුරුම ස්ථිර වාරණ නියෝගයක් සංස්ථාවට එරෙහිව නිකුත් කර ඇත
සංස්ථාව වෙනුවෙන් ප්‍රධාන නීති නිලධාරීනි කුමුදු ආරියරත්න සමග පෞද්ගලික නීති සමාගමක නීතිඥයෙක්වන සුරෙන් ඥාණරාජ් මහතා පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart