April 30, 2024

විශ්‍රාම යන වයසට පැමිණියත් කොළඹ අගරදගුරු පදවියේ අඛණ්ඩව කටයුතු කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් කළ බව කතෝලික සභාව පවසයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ කාදිනල් හිමිපාණන් සේවා දිගුවක් ඉල්ලා ඇති බව පවසමින් රජයේ අඇමැතිවරයකු විසින් පාර්ලිමේන්තුවේදී නොමග යවන සුළු ප්‍රකාශ සිදුකර ඇති බවයි.

කෙසේවෙතත්, ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ කාදිනල්තුමා සේවා දිගුවක් ඉල්ලා නොමැති බවයි.

තමන් විශ්‍රාම යන වයසට පැමිණ ඇති බව කාදිනල්තුමා මීට වසර 1 1/2 කට පෙර වතිකානුවට දන්වා තිබූ බවද ඔහු සඳහන් කළේය.

කාදිනල් හිමිපාණන්ට තවමත් සේවය කිරීමට හැකියාව ඇති බැවින් තවදුරටත් කටයුතු කරන ලෙස පාප් වහන්සේ ඉල්ලා සිටි බව ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසීය.

කොළඹ අගරදගුරු ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස කොළඹ කතෝලික සභාව කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද ඔහු කියා සිටියේය.

42.31%
17.27%
32.76%