Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කම්කරු දිනය සැමරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (මැයි 01) ජන රැලි දෙකකට සහභාගී වීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, ජනාධිපතිවරයා පළමුවෙන් සහභාගි වන්නේ පෙරවරු 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ලංකා කම්කරු කොංග්‍රසයේ රැලියටය.
ජනාධිපතිවරයා ඉන් අනතුරුව පස්වරු 2.00ට මාලිගාවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට සහභාගී වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ මැයි රැළියෙන් අනතුරුව දේශීය සහ ඉන්දීය කලාකරුවන් සහභාගි වන සංගීත සංදර්ශනයක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවට උපහාර පිණිස පැවැත්වෙන සංගීත සංදර්ශනයට සහභාගි වන ලෙස ඇමැති හරීන් ප්‍රනාන්දු මැයි දින රැලි පවත්වන සියලුම දේශපාලන පක්ෂ සාමාජිකයින්ට ආරාධනා කළේය.
රාත්‍රී 07.00ට ආරම්භ වන සංගීත සංදර්ශනය ශ්‍රී ලංකාවේ වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවට විනෝදජනක රාත්‍රියක් ලබාදීම සඳහා සංවිධානය කර ඇති බව හෙතෙම සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart