Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් මගින් 17 හැවිරිදි පිරිමි ළමයකු විදේශගත කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන කාන්තාවන් දෙදෙනකු ද එම දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකය මගින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
මුලතිව් ප්‍රදේශයේ පදිංචි එක් සැකකාර කාන්තාවක අදාළ පිරිමි ළමයා සමඟ ලන්ඩනයට යෑමට සැලසුම් කර තිබී ඇත.
ඔවුන් පිටත්වීමේ කවුළුව වෙත පැමිණි විට ඔවුන්ගේ ගමන් ලියකියවිලිවල කිසියම් අක්‍රමිකතාවක් සිදුවී ඇතැයි සැකපිට ආගමන විගමන නිලධාරීන් ඔවුන් වැඩිදුර පරීක්‍ෂණය සඳහා දේශසීමා නිරීක්ෂණ ඒකකයට යොමුකර තිබේ.
තාක්ෂණික පරීක්ෂාවකින් පසුව සංචාරක ලියකියවිලි ව්‍යාජ ලෙස සකස්කර ඇති බව අනාවරණ කර ගැනීමට බලධාරීන් සමත් වී ඇත.
කැමරා අධීක්ෂණය යටතේ සිදුකළ ප්‍රශ්න කිරීමේදී පිරිමි දරුවා හෙළිකර ඇත්තේ ඔහු සමඟ පැමිණි කාන්තාව ඔහුගේ මව නොවන බවයි.
සිය මව තවමත් පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටින බව ද දරුවා හෙළිකර තිබේ.
අනතුරුව ආගමන විගමන නිලධාරීන් සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.
එහිදී එම කාන්තාවන් දෙදෙනා පවසා ඇත්තේ දැනට පවතින ආර්ථික අපහසුතා සහ දරුවාගේ දියුණුව වෙනුවෙන් ඔහුව විදේශගත කිරීමට උත්සාහ කළ බවයි.
සැකකාර පිරිමි දරුවාගේ සහ කාන්තාවගේ ගමන් ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කර ඇති බව කියන මිනිස් ජාවාරමට වගකිව යුතු එංගලන්තයේ වෙසෙන ජාවාරම්කරුවකු සොයා ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාගෙන් ලබාගන්නා තොරතුරු මත අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් වැඩිදුරට විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart