Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ ගුජරාට්හි පෝර්බන්දර් වෙරළට ඔබ්බෙන් තමිල්නාඩුව හරහා ශ්‍රී ලංකාවට යාත්‍රා කරමින් සිටි පාකිස්ථාන බෝට්ටුවකින් රුපියල් කෝටි 602ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 86ක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය (ICG) සමත්ව තිබේ.
බෝට්ටුවේ සිටි කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ත්‍රස්ත මර්දන ඒකකය සහ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සමඟ ඒකාබද්ධව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී ඉන්දීය පාර්ශ්වය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් කාර්ය මණ්ඩලයේ එක් අයකු තුවාල ලබා ඇත.
ඔවුන් නිකුත් කර ඇති නිල නිවේදනයකට අනුව, ඉන්දීය ත්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් අධිකාරී කේකේ පටෙල්ට තොරතුරක් ලැබී ඇත්තේ පාකිස්ථානයේ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරිකයකු වන හාජි අස්ලාම් හෙවත් බාබු බැලොක් කරච්චි වරායෙන් ‘අල්රාසා’ නැමති බෝට්ටුවකින් හෙරොයින් සහ මෙතම්ෆෙටමින් වැනි මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යවන බවයි.
මෙම බෙදාහැරීම අප්‍රේල් 25 සහ 26 යන දිනවල පොර්බන්දර් ඔබ්බෙන් අන්තර්ජාතික සමුද්‍ර මායිම් රේඛාව අසලදී සිදුවන බවට ද අඔවුන්ට තොරතුරු ලැබී තිබේ.
නිවේදනයේ දැක්වෙන්නේ මෙම තහනම් ද්‍රව්‍ය තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාව පදනම් කරගත් මත්ද්‍රව්‍ය ක්‍රියාකාරීන් වෙත බෙදා හැරීම සඳහා තවත් යාත්‍රාවකට භාරදීමට නියමිත බවට තොරතුරු පැවති බවයි.
පසුව, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයේ සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ඒකාබද්ධ කණ්ඩායම පෝර්බන්දර් සිට නාවික සැතපුම් 180ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ සැක කටයුතු යාත්‍රාවක් හඳුනාගෙන ඇත.
පරීක්ෂා කිරීම සඳහා යාත්‍රාවට ගොඩවීමට උත්සාහ කළ ඉන්දීය වෙරළාරක්ෂක සහ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයේ කණ්ඩායමට සැකකාර බෝට්ටුවේ කාර්ය මණ්ඩලය විසින් බාධා කළ බවත් කාර්ය මණ්ඩලය මැඩපැවැත්වීමට සහ පළා යෑමට ගිය යාත්‍රාව නැවැත්වීමට ගිනිඅවි බලය භාවිත කිරීමේ දී යාත්‍රාවට වෙඩි වැදුණු බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත.
පාකිස්ථාන ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයන් 14 දෙනෙකු රැගත් සැකකාර ධීවර බෝට්ටුවේ සෝදිසි කිරීමකදී තහනම් ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවී ඇත.
වත්මන් ලෝක් සභා මැතිවරණය අතරතුර රට තුළ සිදු වූ විශාලතම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙය බව එම නිල නිවේදනයේ දැක්වේ.
විත්තිකරුවන් 14 දෙනාම පාකිස්ථානයේ බලුකිස්තාන, ලස්බෙලාහි පදිංචිකරුවන්.
වෙඩි උණ්ඩයෙන් තුවාල ලැබූ බෝට්ටුවේ හිමිකරු වන 62 හැවිරිදි නසීර් හුසේන් අසාම් ඛාන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙනගොස් ඇත.
ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර මේ වන විට ඔහු සුවය ලබමින් සිටින බව නිවේදනයේ දැක්වේ.
මේ අතර, බෝට්ටුව සහ එහි කාර්ය මණ්ඩලය වැඩිදුර පරීක්ෂණ සඳහා පෝර්බන්දර් වෙත රැගෙනවිත් තිබේ.
මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සහ ත්‍රස්ත මර්දන ඒකකය විසින් රාජස්තාන් සහ ගුජරාටයේ රසායනාගාරවලින් රුපියල් කෝටි 300 ක් වටිනා මෙෆෙඩ්‍රෝන් සහ අනෙකුත් රසායනික ඖෂධ අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සතියේ සිදුකළ දෙවැනි මෙහෙයුම මෙයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart