April 29, 2024

IPL තරගාවලිය සඳහා චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ තරගාවලිය තුළ දක්වන දක්ෂතා හේතුවෙන් කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව සිටී.

ඔහු සන්රයිසස් කණ්ඩායම සමග පැවති තරගයේදී Aiden Markram දවාගත් ආකාරයද මේ වන විට බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට හේතුවී ඇත.

මතීෂ විසින් Markram දවාගනු ලැබුවේ ඔහු ලකුණු 32ක් ලබා සිටියදීය.

මෙවර තරගාවලිය පුරාම ඔහුගේ දස්කම් දැකගැනීමට හැකිවීම චෙන්නායි රසිකයන් අතර ඔහු තරුවක් බවට පත්වීමට ද හේතුවක් වී තිබේ.

සන්රයිසස් සමග පැවති තරගය චෙන්නායි කණ්ඩායම ජයගනු ලැබුවේ ලකුණු 78කිනි.