April 26, 2024

දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්ට පාර්ලිමේන්තු සැසිවාරවලට පැමිණීමෙන් මාස තුනක නිවාඩුවක් ලබාදී තිබේ.

ඔහුට මාස තුනක නිවාඩුවක් ලබාදීමේ යෝජනාව ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් එය ස්ථිර කළේය.

91 වැනි වියේ පසුවන සම්බන්ධන් අසනීප තත්ත්වයකින් පෙළෙන බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%