April 25, 2024

වංචාවක් සම්බන්ධයෙන් කඳාන පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත් ජනප්‍රිය සිංහල භාෂා උපදේශක සහ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබේ.

ඔහු මුදාහැරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

උපුල් ශාන්ත සන්නස්ගල කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු ලබානුදුන් බවට පුද්ගලයකු විසින් කර තිබූ පැමිණිල්ලකට අනුවය.

 

42.31%
17.27%
32.76%