
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියානු – යුක්රේන යුද්ධය සඳහා මෙරට හිටපු සෙබළුන් බඳවා ගැනීම ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
පාර්ලිමේන්තුව හමුවේ ඊයේ ඔහු ප්‍රකාශකර තිබුණේ ඉන් එක් අයකු නීතිඥයකු ලෙසත් ඔහුගේ සහෝදරයා වෛද්‍යවරයකු ලෙසත් පෙනී සිටින බවයි.
මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ හිටපු සෙබළුන් සමඟ සම්බන්ධ වී එම සෙබළුන් යුක්රේනයට හෝ රුසියාවට යොමු කරන්නේ සාමාන්‍ය කඳවුරු සහායකයන් ලෙස රැකියා ලබාදී බව ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.
“නමුත් ඔවුන් රුසියාවට හෝ යුක්රේනයට ළඟා වූ පසු, සාමාන්‍ය කඳවුරු රාජකාරි සඳහා යොදවන්නේ නැහැ. ඔවුන් සටන් කිරීමට යොමු කරන්නේ. මේ නිසා එහෙම ගියපු යට වෙන්නේ රුසියානු සහ යුක්රේන පාර්ශ්වයෙන් එකිනෙකාට වෙඩි තියාගන්න. කුසන්ත ගුණවර්ධන නමැති ලංකාවේ හිටපු සෙබළකු මේ වන විට අතුරුදන් වී තිබෙනවා. ඔහු සාමාන්‍ය කඳවුරු සහායකයකු ලෙස බඳවාගෙන BL/Y/41698/NO3 අංකය යටතේ ඩොනෙට්ස්ක් කලාපයේ කඳවුරකට යවලා. එහිදී ඔහු යොදවා තියෙන්නේ හමුදා ටැංකියක සේවයට. ඒ හමුදා ටැංකියට යුක්රේන ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වෙලා. ඔහුගේ සගයන් දෙදෙනෙකු එහිදී මිය ගියත් ගුණවර්ධන ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබෙනවා. මෙම සොල්දාදුවා පිළිබඳ දැන් වැඩිදුර තොරතුරක් නැහැ. දැන් එයා අතුරුදන්,” යනුවෙන් ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම හිටපු සෙබළුන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය දැන්වීම් මගින් රවටා ගන්නා බවද ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.
“රුසියාවේ සටන් කිරීමට හිටපු සෙබළුන් පොළඹවා ගැනීමට සම්බන්ධ වූ මේජර්වරයකු අත්අඩංගුවේ පසුවන බවට වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් තවත් හිටපු නිලධාරියකුගේ නමක් ද සඳහන් වෙනවා. රැකියා සුරක්ෂිත කිරීම සඳහා එක් හිටපු හමුදා නිලධාරියකුට රුපියල් ලක්ෂ 18 බැගින් ජාවාරම්කරුවන්ට ගෙවන ලෙස දන්වා තිබෙනවා” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ රජය මේ සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි.
පොලීසිය, හමුදාව මෙන්ම විදේශ අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයකින් මේ පිලිබන්ද පරීක්ෂණ කිහිපයක් සිදුවෙමින් පවතින බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.
මහජන ආරක්ෂක අඇමැති ටිරාන් අලස් එම විමර්ශනවල ප්‍රගතිය සභාවට දැනුම්දෙනු ඇති බව ද ඇමැති රාජපක්ෂ පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart