April 22, 2024

2023 ඔක්තෝබර් 31 වැනි දින විදේශීය සහ දේශීය ජනමාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය හරහා ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ලිමිටඩ් හි කොටස් අත්පත් කර ගැනීම සඳහා සුදුසු ආයෝජකයන්ගෙන් සුදුසුකම් ඉල්ලීම (RfQ) ඉල්ලා සිටියේය.

ඊට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය අද(2024 අප්‍රේල් 22 සඳුදා) පස්වරු 2න් අවසන් විය.

ලැබුණු ඉල්ලීම් කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ සාකච්ඡා කමිටුවේ ආරම්භක කමිටුව විසින් සලකා බලා ඇත.

ඒ අනුව පහත සඳහන් පාර්ශ්වයන් ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනයේ කොටස් මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබේ.

1. AirAsia Consulting Sdn. Bhd.

2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

3. FITS Aviation (Private) Limited

4. Sherisha Technologies Private Limited

5. Treasure Republic Guardians Limited

6. Hayleys PLC

2023 ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසායන් බෙදාහැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව මෙම ඉල්ලීම් ඇගැයීමට ලක්කෙරේ.