April 19, 2024

චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති මාලාව ආසියාව ප්‍රමුඛව ලොව රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබේ.

ඊට හේතුව වන්නේ ඉන් සාර්ථක ප්‍රතිපලවල වඩා පෙන්නුම් කර ඇත්තේ අසාර්ථක ප්‍රතිපලයි.

මයෑමි විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු වන ජූන් ටියුෆල් ඩ්‍රයර් පවසන්නේ කිසි දා වාණිජමය වශයෙන් ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘතිවලට ණය දීම සහ සහ ඉදිකිරීම් පිළිබඳ ප්‍රමාණවත් අධීක්ෂණයක් නොමැතිකම ආදී ගැටළු ඇතුළු දුර්වල සැලසුම්වලින් මෙම ක්‍රියාන්විතය සමන්විත බව ය.

මේ හේතුවෙන් ගෝලීය ආර්ථික මන්දගාමීත්වය, ඉහළ යන පොළී අනුපාත සහ ඉහළ උද්ධමනය නිසා ඇතැම් රටවල චීන ණය ආපසු ගෙවීමේ දුෂ්කරතා තීව්‍රවී තිබේ.

ඩොලර් බිලියන ගණනක ණය ගෙවීම් අකර්මණ්‍ය වී ඇති අතර සංවර්ධන ව්‍යාපෘති ද මඟ නැවතී ඇත.

චීන ණය උගුල සම්බන්ධයෙන් කතා කිරීමේදී එම ණය උගුලේ පැටලී සිටින සාමාජික ලැයිස්තුවට මාලාදිවයින ද ඇතුළු වෙමින් සිටියි.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීන හිතකාමී පාලක මොහොමඩ් මුයිසුගේ දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් මාලදිවයින ණය උගුලක සිරවී සිටින බවයි.

BRI ව්‍යාපෘති සඳහා මුවාවී චීනය මාලදිවයින තුළ ගොඩනගා ඇති අසාර්ථක යටිතල පහසුකම් එරට ආර්ථිකයට මෙන්ම ණය බරට ද දැඩි පීඩනයක් බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මාර්ග, පාලම්, ප්‍රයෝජනයට නොගත් ගුවන් තොටුපල සහ මාලදිවයින් වැසියන් දුප්පතුන් බවට පත් කර ඇති කෘතිම දූපත් චීනයේ ණය උගුලක් බව විදෙස් මාධ්‍ය පෙන්වා පෙන්වා දෙයි.

මුයිසු පාලනය යටතේ මාලදිවයිනේ මහා භාණ්ඩාගාරය ද අර්බුධයකට ඇද වැටී ඇතැයි සඳහන්.

පවතින මූල්‍ය අර්බුධය හමුවේ මාලදිවයිනට පොලිස් සහ හමුදා වැටුප් වැඩි කිරීම වැනි තීරණාත්මක සමාජ වගකීම් ප්‍රමාද කිරීමටද සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මාලදිවයිනේ ප්‍රමුඛතම ණය හිමියා චීනයයි.

ලෝක මාලදිවයිනේ රාජ්‍ය විදෙස් ණය ප්‍රමාණයෙන් සියයට 42 ක පමණ හිමිකරු චීනය බව ලෝක බැංකුව පෙන්වා දී ඇත.

ඒ අනුව චීනය මාලදිවයිනට ගෙවිය යුතු ණය ප්‍රමාණය මුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 1.37 ක් පමණ වේ.

එමෙන්ම 2026 වසර වනවිට දී මාලදිවයින අමෙරිකානු ඩොලර් බිලියන 1.37 ක් ඉක්මවන චීන ණය ද ආපසු ගෙවිය යුතුව තිබෙනවා.

මාලදිවයිනේ නිල සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරෙන පරිදි මෙම වසරේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 550 ක අයවැය හිඟයක් පෙන්නුම් කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ හමුවේ ජනාධිපති මොහොමඩ් මුයිසු මේවනවිට ණය කල් දැමීම සහ කපාහැරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින් ඉල්ලීම් කර ඇති අතර එහි ප්‍රමුඛතම රටක් බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි.

එහෙත් චීනයට ආවඩන ජනාධිපති මුයිසුගේ පාලන තන්ත්‍රය ඉන්දියාව ද මාලදිවයිනෙන් ඈත් කොට තිබේ.