Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අස්ථානගත වූ ලිපි ලේඛන සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පොලිස් පරීක්ෂණ ඇණහිට ඇති බව වාර්තා වේ.
ඊට හේතුව බවට වාර්තා වන්නේ එම මූලස්ථානයේ යතුරු තවමත් පොලිසියට නොලැබීම වැනි ගැටලුකාරී තත්ත්වයන්ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ පක්ෂයේ වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හැකි ඉක්මනින් යතුරු ආපසු ලබා දෙන ලෙස පොලිසිය විසින් අදාළ නම් සඳහන් කර ඇති පුද්ගලයන්ට දැනුම් දී ඇති බවයි.
කෙසේවෙතත්, මරදාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉෂාන්ත කුමාර පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ යතුරු අදාළ පාර්ශ්ව විසින් තවමත් පොලිසියට භාරදී නොමැති බවයි.
මරදාන පොලිසිය මූලික විමර්ශන සිදුකරන නමුත් යතුරු ලබා නොදුනහොත් පරීක්ෂණ පවත්වාගෙන යෑමට නොහැකි බවද ඔහු පවසා ඇත.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශ්වයන් අතුරුදන් වූ ලිපි ලේඛන සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා දී නොමැති බවත්, එබැවින් අදාළ ලේඛන පිළිබඳ නිශ්චිත තොරතුරු මේ මොහොතේ පොලිසියට ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අවශ්‍ය තොරතුරු ලබාදෙමින් විමර්ශන කටයුතු කරගෙන යෑමට දෙපාර්ශ්වයම පොලිසියට සහාය විය යුතු බවත් එසේ නොවුවහොත් එය තවදුරටත් ප්‍රමාද විය හැකි බවත් ඔහු පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් වනතුරු මේ මස මුල සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම තහනම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart